පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 1, 2019

පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..

රට ගොඩනැගීමට නම් උගතුන් සහ බුද්ධිමතුන් දේශපාලනයට  ගෙන අයුතු බව කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් පවසති.
කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කලේ රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුනේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.එහිදී පැමිණි සිටි පිරිස අමතමින් හිමිපාණන් මෙසේ පැවසීය.

අතීතයේ රට පාලනය කල ඇමතිවරු සැමවිටම ක්‍රියා කලේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ ඒ සමගම ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙලා.අද අපේ පුජ්‍ය සහ පුජක පක්ෂය ඇතැම් සාමාජිකයින්ගේ දේශපාලන අතකොලු බවට පත්වෙලා.

රටට ජනතාවට පාලකයින්ට ආධ්‍යාත්මික නායකත්වය ලබාදීමෙන් ඔවුන් අතින් එය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා.

අපේ රට ලෝකයේ ඉදිරියට යන්න ඕන.එහෙම කරන්න නම් අපි අපේ අධ්‍යාපන,ජාතිආගම්,භාෂා පන්ති ලෙස වෙන් නොකරම පොදු ආධ්‍යාත්මික පදනමකට ගොනු කල යුතුයි. සැමට එක හා සමාන නීති රාමුවක් රට තුල ඇති කිරීම අත්‍යවශ්‍යයි.

දේශපාලන නායකයින් ලෙස ආධ්‍යාත්මික පදනමකින් යුත් උගතුන් බුද්ධිමතුන් පුහුණුව ලද විශේෂඥයින් තෝරා ගතයුතුයි.

ලැයිස්තුවට දාන හැමෝම තෝරාගන්න අවශ්‍ය නැහැ.ඔලුව පාවිච්චි කරලා තෝරන්න.මේ රට පාලනය කරන්න පුළුවන් රටට අවශ්‍ය සාධාරණ යුක්තිය,ප්‍රගතිය ලබාදෙන්න පුලුවන්ද කියලා හිතලා බලලා චන්දය දාන්න ඕන.

ඔහේ නිකන් රැල්ලට යන එක නෙමෙයි කරන්න ඕන.අපි දේපාලන වේදිකාවේ නගිනවානම් ඒ කරන්නේ මේ රටට කරන්නේ ලොකු විනාශයක්.

පැවිදි පුජක අපි අපේ නායකත්වය දෙන්න ඕන දේශපාලන වේදිකාවේ එළියේ ඉඳගෙන”

– දෙනියාය ප්‍රියංක  ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad