13 දෙනවාද.. බලය බෙදනවාද.. මෝඩිගේ කතාවට ගෝටාභය ඉන්දියාවේදීම උත්තර දී එයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 1, 2019

13 දෙනවාද.. බලය බෙදනවාද.. මෝඩිගේ කතාවට ගෝටාභය ඉන්දියාවේදීම උත්තර දී එයි..

උතුරු නැඟෙනහිර සන්නද්ධ ගැටුම් නිමා කිරීම සඳහා 1987 මෙරට ව්‍යවස්ථාවට හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බහුතර ජනතාවගේ කැමැත්තට පටහැනිව සම්පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට තමා එකඟ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඉන්දියානු සංචාරය අතරතුර The Hindu පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

මේ වන විට 13 වන සංශෝධනයේ තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි පොලිස් බලතල හැර ඇතුළු අංශ කිහිපයක් හැරුණු විට රටේ ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ විකල්ප පිළිබඳ සාකච්ඡාවකට තමා සූදානම් බවත් හෙතෙම පවසා තිබේ.

වසර 70ක් තිස්සේ බලය බෙදීම පිළිබඳ මන්තරයක් මෙරට පාලකයන් දේශනා කළ ද කිසිවක් සිදු නොවූ බවත් බහුතරයේ කැමැත්ත සහ ආශීර්වාදය නොමැතිව කිසිවක් කළ නොහැකි බව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

කිසිවකු බහුතරයේ කැමැත්තට පටහැනිව යමක් පොරොන්දු වන්නේ නම් එය බොරු පොරොන්දුවක් බවත් සිංහල ජනතාව උතුරු නැඟෙනහිර දියුණු කිරීමට හෝ රැකී රක්ෂා උත්පාදනයට එරෙහි නොවන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වසර පහ අවසානයේ තමා උතුරු නැඟෙනහිර ඇතුළු රටේ සිදුකරන සංවර්ධනය අනුව තමා විනිශ්චය කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියි.

තම අවංක අදහස ඉන්දියාවට පැවසීමට මැලි නොවන බව පවසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට කළ හැකි දේ ඉතා ඉක්මනින් කරන බවත් කළ නොහැකි කිසිවක් පොරොන්දු නොවන බවත් අවධාරණය කරයි.

19 වන සංශෝධනය නිසා මෙරට රාජ්‍ය පාලනය අයියා මලෝ දෙදෙනෙකුට මිස කිසිවකුට ගෙන යා නොහැකි තැනට පත්ව ඇති බවත් එළඹෙන ජනාධිපතිවරණයේ දී 2/3ක බලයක් ලබාගත හොත් එය අහෝසි කර දමන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දියානු සංචාරය අතරතුර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර සංහිඳියාව ගොඩනැඟීම සඳහා 13 වන සංශෝධනය ද බලාත්මක කරනු ඇතැයි තමා විශ්වාස කරන බවය.

– emanisa

No comments:

Post a Comment

Post Bottom Ad