පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී ? කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 1, 2019

පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී ? කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්..

පැහැර ගත්තා කියලා කියා ගන්නා අදාල කාන්තාවගේ සෞඛ්‍ය තත්වය උඩ සාක්ෂි දෙන්ඩ සුදුසු තත්ත්වයක නෑ යනුවෙන් තානාපති කාර්යාලය තීන්දු කරයි.

ඒ අනුව වුණා කියන සිදුවීමට පසු දින 5 ක් ගිහිල්ලත් පොලිසියට සාක්ෂි දෙන්න සිවිස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉඩ ලබා දී නැත.

සිදුවුණා කියන අපරාධය වුණා කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ය. නැතිව ස්විස් ජාතිකයෙකුට නොවේ. (The local embassy employee was reportedly…)

එසේම එය සිදුවුණා කියන්නේ ශ්‍රී ලංකාවේ භූමිය තුළයි. නැතිව තානාපති කාර්යාල පරිශ්‍රයේ නොවේ. (…in a street in Colombo)

ශ්‍රී ලාංකික පුරවැසියා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ රස්සාවක් කරයි. නැතිව ඇය තානාපති කාර්යාලයේ තානාපති නිලධාරියක් නොවේ.

අපරාධයක් වූ වහාම ශ්‍රී ලංකාවේ නීතිය අනුව එහි සාක්ෂි විමර්ෂණය කිරීමට පොලිසියට ඉඩ දිය යුතු වේ.

වින්දිතයන්ගේ අවසන් සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යයෙන්ම පොලිසිය විසින් වාර්තා කළ යුතුය. ඊට හේතුව වින්දිතයන්ව ඝාතනය කරමින් එහි වරද විත්තිය පිට පැටවීමට ඉඩ ඇති නිසාවෙනි.

රජයේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත, සාක්ෂි ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ පොලිසිය විසිනි. පොලිස් සාක්ෂි විමසීමට කුමන හෝ තරාතිරමක අයෙක් බාධා කරන්නේනම් එය අපරාධමය වරදකි.

ඒ අනුව අදාල ශ්‍රී ලාංකික කාන්තාව බලා, ඇගේ සෞඛ්‍ය තත්ත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොලිසියට ඉඩ ලබා නොදීමෙන් ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ අපරාධමය වරදක් සිදුකරයි.

ස්විස් තානාපතිවරයාට යම් විදිහකින් ශ්‍රී ලංකා පොලිසිය ගැන විශ්වාසයක් නැත්නම් තවදුරටත් ශ්‍රී ලංකාවේ ‍රැඳී සිටින්නේ ඇයි? ඒ අනුව පොලිසිය ගැන විශ්වාස නැති නිසා සාක්ෂි දෙන්න ඉඩ නොදී ඉන්නවා කියන්නේනම් එය පට්ට පල් බොරුවකි.

ස්විස් තානාපති, ශ්‍රී ලාංකික පුරවැසියෙකුව හංගගෙන ඉන්න තානාපතිවරයෙක් ද නැතිනම් වහල් හිමියෙක් ද?

ඇත්තටම සිදුවී ඇත්තේ සිවිස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික කාන්තාවක්ව බලහත්කාරයෙන් හංගාගෙන සිටීම නොවේද…

එසේ කිරීමට හේතුව ඒඩ්‍රියන් කන්දප්පා නැමැති අපරාධකරුට ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ස්විස්ටර්ලන්තයට පැනීමට වීසා හදා දීම නිසා තානාපති කාර්යාලයට සිදුවුණ ලැජ්ජාව වසන් කර ගැනීමට බවටත්, අසනීප තත්වයක් කියලා සාක්ෂි දෙන්න නොහැකියි කියන්නේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම රඟපෑම හෙළි වෙන නිසා බවටත් සාධාරණ සැකයක් ඇති වේ.

– Sinhala Buddhist FB

No comments:

Post a Comment

Post Bottom Ad