ගෝඨාගේ ඇමරිකානු පුරවැසිකම ගැන කොළඹ ඇමරිිකා තානාපති කාර්යාලයෙන් ප‍්‍රකාශයක් - (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 14, 2019

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිකම ගැන කොළඹ ඇමරිිකා තානාපති කාර්යාලයෙන් ප‍්‍රකාශයක් - (Video)

ම් පුද්ගලයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු හිටපු අමෙරිකානු පුරවැසියෙකු ලෙසින් සැලෙකෙන බවයි.

එමෙන්ම ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළද අමෙරිකානු පුරවැසිභාවය අහිමිවු පුද්ගලයෙකුගේ නම අමෙරිකානු ෆෙඩරල් ලැයිස්තුවට ඇතුළත් වීම හුදෙක්ම ආදායම් බදු පිළිබඳ කාරණාවක් පමණක් බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය මෙසේ කරුණු පැහැදිලි කළාය.

“අපිට වැටහෙනවා මේ මාතෘකාව ගැන විශාල උනන්දුවක් තිබෙනවා.

නමුත් පෞද්ගලිකත්වය රැකීමට අදාළ අමෙරිකානු නීතිවලට යටත්ව මට පුද්ගලයින්ගේ පුරවැසිභාවය සහ වීසා ගැටලු ගැන අදහස් දක්වන්න හැකියාවක් නැහැ.

නමුත් මේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක්.

ඔබට මේ සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර ගැන සෑම තොරතුරක්ම දැනගන්න පුළුවන් travel.state.gov වෙබ් අඩවියට පිවිසීමෙන්.

ජනතාව මේ ක්‍රියාවලියට අදාළ ලියකියවිලි සහ පියවර සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනයක් කිරීමට උනන්දු වනවානම්.

පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන්.

ලියකියවිලි සකස් කරන්නෙත් භාරදෙන්නෙත් තානාපති කාර්යාලයේදීයි.

පසුව එය වොෂින්ටන්හී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා අවසන් ක්‍රියාවලිය සඳහා.

පසුව අමෙරිකානු පුරවැසිභාවය අවලංගු වීමේ සහතිකයක් හිටපු අමෙරිකානු පුරවැසියාට හිමිවනවා. අදාළ පුද්ගලයාට හිමිවෙනවා.

ඒ ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් වූ පසුව පුරවැසිභාවය ඉවත් කරගත් අයගේ නම් අභ්‍යන්තර ආදායම් සේවයට යොමුකරනවා. එය අපගේ බදු සම්බන්ධ ඒජන්සිය. එය මුළුමනින්ම වෙනස් වූ නිලධාරී තන්ත්‍රයක්.”

මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ඔහුගේ නීතිඥයින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය.

– adaderana


No comments:

Post a Comment

Post Bottom Ad