ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව පිහිටුවාගත් ලැබූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තැබුණා.
එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන සියලු මැතිවරණ නව සන්ධානය යටතේ තරග වදින බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඊ.පී.ඩී.පී. සංවිධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ කොළඹ පදනම් ආයතනයේදී.
ඒ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අදාළ ගිවිසුමට පක්ෂ මහලේකම්වරුන් අත්සන් තැබුවේ පෙරවරු 10.17 ට යෙදුණු සුබ මොහොතින්.
පක්ෂ නියෝජිතයන් ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ජාතික නිදහස සදහා වූ සමගියේ ප්‍රතිඥාව ද ලබාදුන්නා.
Friday, November 1, 2019
podujana peramuna
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment