mahinda deshpriya - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

mahinda deshpriya

න්ද පත්‍රිකාව ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය වෙත මුදුහැරියොත් වසර 3 ක සිර දඩුවම්...
ප්‍රතික්ෂේප වූ අයදුම්පත් සංඛ්‍යාව 58,404 ක්

2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වුණා.


මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය වෙත මුදුහැරීම වසර 3 ක සිර දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට මැතිවරණ කොමිසමට අයදුම්පත් 717,919 ක් ලැබී තිබූ අතර, ඉන් ප්‍රතික්ෂේප වූ අයදුම්පත් සංඛ්‍යාව 58,404 ක්.

ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලැබූ රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 659,515 ක්.

තැපැල් ඡන්ද සලකුණු කිරීම පෙරවරු 8.30 ට ආරම්භ කෙරුණු අතර, පස්වරු 4.15 ට එය අවසන් වුණා.

ඒ අනුව රාජ්‍ය ආයතන තුළදී රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට කටයුතු කළේ මෙලෙසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වැඩිම රාජ්‍ය නිලධාරීන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර, අඩුම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්.

තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට දිනයේත් පැවැත්විමට නියමිත අතර, පොලිසිය, මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදියේ සේවයේ නියුතු තැපැල් ඡන්දදායකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා වෙන්කර ඇත්තේ නොවැම්බර් 4 සහ 5 යන දෙදිනයි.

මෙම දිනවල ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකිවන ඡන්දදායකයින්ට ලබන 7 වැනිදා සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කර ඇත්තේද නොවැම්බර් 7 වැනි දිනයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad