එ.ජා.පෙ සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

එ.ජා.පෙ සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක්

එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් ‌හෙට (01දා) දින කොළඹදී අත්සන් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම උත්සවය ආරම්භ වන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සියලුම දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

2015 ජනාධිපතිවරණයේදීද නව ප්‍රාජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහාය ලබාදුන්නාය.

No comments:

Post a Comment

Post Bottom Ad