කටුනායක ගුවන්තොටුපල පැවති නිරීක්ෂණ චාරිකාව අතරතුර ඇමතිවරයා මෙම නියෝගය කලේය. මෙම නව ඉදිකිරීම සදහා වෙන් කළ මුදල රුපියල් මිලියන 374 කි. මාස 09 කින් ඉදිකිරීම් නිම කිරීමට කොන්ත‍්‍රාත්තුව ලබා ගත් ඉදිකිරීමේ සමාගම එකග වී තිබුනි. 2017 ජනවාරි 24 වන දින අදාල කොන්ත‍්‍රාත්තුව ලබා දුන් අතර මේ වනවිටත් අවසන්ව ඇත්තේ ඉදිකිරීම් වලින් 45% ක් පමණී.
මෙම ඉදිකීරීම් කඩිනම් කරන ලෙස අදාල ඉදිකිරීම් සමාගමට අවස්ථා ගනනාවක දී උපදෙස් දී ඇතත් ඒ පිලිබද ඔහුට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව ගුවන්තොටුපල බලධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.
විදුලි සොපාන නියමිත ප‍්‍රමිතියට නොතිබීම නව විදුලි සොපාන සදහා ණයවර ලිපි ඉදිරිපත් නොකිරීම හා අදාල ඉලක්ක සපුරාලීම සදහා ප‍්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් බදවා නොගැනීම යන කරුණු මත රුපියල් මිලියන 37 ක එම සමාගමෙන් අය සමාගම ගැනීමට පියවර ගෙන තිබේ.
මෙම ඉදිකිරීමේ සමාගම අසාදු ලේඛණයට ඇතුලත් කර ඉදිකිරීම් වලින් වහා ඉවත් කරන ලෙස මෙහිදි උපදෙස් දුන් ඇමතිවරයා නව ඉදිකිරීම් සමාගමක් මගින් මෙහි ඉතිරි ඉදිකිරීම් ජනවාරි මාසයට පෙර අවසන් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
– ප‍්‍රදීප් අනුර කුමාර


No comments:
Post a Comment