අද සිට ඇරැඹෙන ‘නිහඬ කාලයේදී’ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට හෝ දේශපාලන පක්‍ෂවලට වක්‍රාකාරව හෝ ප්‍රචාරයක් ඇතිවන ආකාරයට අද සිට ඇරඹෙන ‘නිහඬ’ කාලය තුළ ආගමික ස්ථානවල බෝධි පූජා, දේව මෙහෙයන්, හෝ වෙනත් පුද පූජා පැවැත්වීම නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ප්‍රචාරක කටයුතු සිදුනොවන නිහඬ කාලය තුළ විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් හා මුස්ලිම් පල්ලිවල අපේක්‍ෂකයන්ට සෙත් පැතීමේ විවිධ පුද පූජා පැවැත්වීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ආගමික නායකයන් එවැනි දේ සිදුනොකර නිදහස් මැතිවරණයකට සහාය ලබාදෙන ලෙසද ඊයේ (13 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා ඉල්ලා සිටියේය.
ආගමික ස්ථානවල අපේක්‍ෂක ප්‍රචාරණයන් ඇතිවන ආකාරයේ පුද පූජාවන් නොපවත්වන ලෙස මීට පෙර ඉල්ලා සිටියද ඊට එකඟ නොවී අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ පුද පූජා පැවැත්වූ බවට පැමිණිලි 10 ක් ලැබී ඇති බවද ඊට අදාළ පටිගත කිරිම් ද ලැබී ඇති බව සභාපතිවරයා කීය.
මෙම පැමිණිලි හා සාක්‍ෂි සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසියට භාර දුන් බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම උපකාරක පන්තිවල ගුරුවරුන්ද විවිධ අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව එවැනි දේ සිදු කිරීම ‘නිහඬ’ කාලය තුළ තහනම් බවද ඒ මහතා පැවසීය.
රනිල් ධර්මසේන, ඡායාරූපය - නිශාන් එස් ප්‍රියන්ත
Thursday, November 14, 2019
ආගමික ස්ථානවල අපේක්‍ෂකයන් පුම්බන පුද පූජා එපා! - මැ.කො. සභාපති ඉල්ලයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment