රෝයල් පාර්ක් මිනීමරුවාට දුන් සමාව පුදුම සහගතයි - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 11, 2019

රෝයල් පාර්ක් මිනීමරුවාට දුන් සමාව පුදුම සහගතයි - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

ල්ලා මරා දැමීමට දහස් ගණන් වරදකරුවන් සිටිද්දී ජනාධිපති සමාව ලබාදීමට රෝයල් පාර්ක් චූදිතයා පමණක් තෝරා ගැනීම පුදුම සහගත යැයි අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේය. තමන් මෙම ප්‍රකාශය කරන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙස නොව තම පෞද්ගලික මතයක් ලෙස බවද හෙතෙම කීවේය.

මෙම තේරීම සාමාන්‍ය පටිපාටියට අනුව කළ තේරීමක් නොවේ. මෙය විශේෂ සමාව දීමකි. මෙය චේතනාන්විතව සිදුකළ මිනීමැරුමක් නොවන බවට මහාධිකරණය තීරණය කළ තීන්දුව වෙනස් කර චූදිත චේතනාන්විත මරණයකට වරදකරු කරමින් අභියාචනාධිකරණය ලබාදුන් මරණ දඬුවමක්. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කළා. ඔහු වරදකරු වී තවම අවුරුදු දහයක්වත් නෑ. ඒ නඩුවේ රජයේ නීතිඥවරයා වෙන කවුරුත් නොවේ එවක අතිරේක සොලිසිටර් ජනරාල් වූ අද අගවිනිසුරු ලෙස කටයුතු කරන ජයන්ත ජයසූරියයි.

මීට වඩා අඩු වරදවලට චෝදනා ලැබ සිරභාරයේ සිටින විශාල පිරිසක් ​ඉන්නවා. අනුකම්පා සහගතව කටයුතු කළ යුතු අය ඒ අතර ඉන්නවා. ඒත් මෙවන් නිදහස් කිරීමක් සමාජයට ලබාදෙන්නේ මොන වගේ සාධාරණ අදහසක්ද?

අනෙකුත් වැදගත් දේට නීතිඥ සංගමය මැදිහත් වන්නා සේම මෙම සිද්ධියටත් මැදිහත් විය යුතුයි. මෙය නීතියෙහි ආධිපත්‍යය නොසලකා හැරීමක්. යැයිද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

අජිත් අලහකෝන්


No comments:

Post a Comment

Post Bottom Ad