හෙට ඡන්දෙ දාන්න යන අයට විශේෂ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

හෙට ඡන්දෙ දාන්න යන අයට විශේෂ නිවේදනයක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (16දා) දිනයේ සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර ඡන්ද විමසීමේ කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා පැයකින් දීර්ඝ කර ඇති අතර, ඡන්ද විමසීම උදෑසන 7.00ට ආරම්භ කර සවස 5.00ට අවසන් කිරීමට නියමිතය.
මෙවර ඡන්ද පත්‍රිකාව දෙගුණයකින් දීර්ඝ වී ඇති හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැඩි කාලයක් ගතවිය හැකි බැවින්, කල්වේලා ඇතිව ඡන්දපොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad