සජිත් මාරක අනතුරකින් බේරෙයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

සජිත් මාරක අනතුරකින් බේරෙයි..!

කුරුණෑගල පැවැති රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවීමට පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙය පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කරයි.
අනතුරුව හෙලිකොප්ටර් යානාව කටුනායකට ගොඩබැස්සවීමට කටයුතු කළේය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට රැළිය ඇමතීමට අවස්ථාව නොලැබුණි.

“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.

එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”

No comments:

Post a Comment

Post Bottom Ad