ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සිටියදී සුදු වෑන් යොදා ජනතාව පැහැර ගත් බවට එම පැහැර ගැනීමට සම්බන්ධ රියදුරෙකු බව පුද්ගලයෙකු හා පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකු මාධ්‍ය හමුවක් අමතමින් අද කියා සිටියේය.
ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ එසේ පැහැරගන්නා ලද මිනිසුන් දත් ගැලවීම, නිය ගැලවීම, උල් ආයුධවලින් ඇනීම ආදී වද හිංසා කල බවයි.
පසුව මරා දමන බවත් එම පුද්ගලයන් බඩ කපා කිඹුලන්ට කෑම සදහා වැවකට දැමූ බවත් ඔහු සදහන් කලේය.
මාධ්‍ය හමුවට සහභාගි වූ තවත් පුද්ගලයෙකු කියාසිටියේ ප්‍රභාකරන්ගේ සල්ලි කොළඹට ගෙන ආවේ තමන් බවත් එම සල්ලි දුන්නේ නැතැයි කියා තමන් පැහැර ගැනීමට ලක් වූ බවය.
මෙම පැහැරගැනීම්වලට පොලිසිය, හමුදාව ඇතුළු ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් සිදු කල බවද ඔවුහු පැවසූය.
අවස්ථා කිහිපයකදීම සේනාරත්න මහතා විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට විවිධ උපදෙස් දෙමින් මාධ්‍ය හමුව මෙහෙයවනු දැනට ලැබිණ.
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා විසින් මේ ආකාරයේ කටයුත්තකට සූදානම් වන බවත් ඔවුන් සඳහා කෝටි ගණනක මුදල් ගෙවීමක්ද සිදුකර ඇති බවත්.

No comments:
Post a Comment