සෑම දිළිඳු පවුලකටම රජයේ රැකියාවක් - රැකියා ලබා දෙන ආකාරයත් ගෝඨාභය කියයි...! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 10, 2019

සෑම දිළිඳු පවුලකටම රජයේ රැකියාවක් - රැකියා ලබා දෙන ආකාරයත් ගෝඨාභය කියයි...!

සෑම දිළිඳු පවුලකම එක් අයෙකුට හෝ රජයේ රැකියාවක් ලබා දෙමින් ඔවුන්ගේ දිළඳු බව තුරන් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළා.
රැකියා විරහිත අය වෙනුවෙන් අපේ ආර්ථිකයේ ඉදිරියට යනකොට අපි රැකියා නිෂ්පාදනය කරන්නට ආර්ථිකය උත්තේජනය කරනවා. නමුත් අද උපාධිධාරීන් ඉන්නවා 54,000 ක් පමණ රැකියා විරහිතව. අපි ඔවුන්ට ජනවාරි 01 ඉඳලා රැකියා ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. 

ඒ වගේම නිපුණත්වයක් අවශ්‍ය නොවන රාජ්‍ය ආයතන වල, ආරෝග්‍යශාලා වල, පාසල් වල, පළාත් පාලන ආයතන වල, දැනට රැකියා ලක්ෂයක් පමණ තියෙනවා. ඒවා නිපුණත්වයක් නොමැති ඉතා දිළිඳු පවුල් වලට රැකියාවක් බැගින් ලබා දෙමින් ඔවුන් ඒ දිළිඳ බවින් ගොඩ ගන්නට අපි ක්‍රියා කරනවා.

ඒවට තියෙන සාමාන්‍ය පෙළ සමත්වීමට අවශ්‍යයි කියන අවශ්‍යතාවය අපි ඉවත් කරලා ඒ දුප්පත් පවුල් වලට අපි මේ රැකියා ලබා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad