තමන් ජනාධිපති වූ පසු තම නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි තීරණය කරන්නේ තමන් විසින් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටට කොඩිවිනයක් වූ පුද්ගලයන් තමන් කරගන්නේ නැති බවත් රටට හානිකර තීන්දු ගන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.
දැනට නම් කර ඇත්තේ නීතිය හා සාමය ඇමැති ලෙස සරත් ෆොන්සේකා මහතා පමණක් බවද ඔහු පැවසීය.
ඒ හැරුණුකොට වෙනත් කිසිදු ඇමතිකමක් නම් කර නැති බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ හොරණදී පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.
නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවේද අගමැති තමන් බවයි.
Saturday, November 2, 2019
මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි.. මං හොරු ගන්නේ නෑ.. සජිත් රනිල්ට කියයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment