සහය දෙන අපේක්‍ෂකයා ගැන විග්නේෂ්වරන් කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 2, 2019

සහය දෙන අපේක්‍ෂකයා ගැන විග්නේෂ්වරන් කතා කරයි

ළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහය හිමිවන්නේ කුමන අපේක්‍ෂකයාටද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 3 ක කාලය තුළ පිළිතුරක් ලබාදෙන බව දෙමළ මහජන පෙරමුණේ නායක, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා.
දෙමළ පක්‍ෂ සහයෝගය ලබාදෙන අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබාගන්නා තැනැත්තා බවට පත්විය යුතු බවයි
සී වී විග්නේෂ්වරන් කියාසිටියේ.

එසේ නොවුනහොත් දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාගැනීමට නොහැකි වන බවද ඔහු පෙන්වා දුන්නා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසුව සිය සහය ලබාදෙන අපේක්‍ෂකයා තීරණය කරන බව උතුරේ දෙමළ පක්‍ෂ මීට පෙර ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදීයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් දෙමළ පක්‍ෂ නායකයින් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි සී වී විග්නේෂ්වරන් වැඩිදුරටත් සදහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad