ජනාධිපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සමුගැනීමේ උත්සවවලදී ජනාධිපතිවරයා තම හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත්තේ ‘මට පාර්ලිමේන්තු එන්න කවුද අයින් වෙන්නේ?’ යනුවෙනි.
දෙසැම්බර් මස 03 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටියත් එම බලාපොරොත්තුව මේ වනවිට සඵල වී නැත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මලිත් ජයතිලක හෝ ශාන්ත බණ්ඩාර මන්ත්‍රී ධුරවලින් ඉවත් වන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වුවද එයද ඉටු නොවීය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන යළි පත්කිරීමද ලබන සතියේදී සිදු කිරීමට නියමිතය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තමන් විසින්ම එම යෝජනාව ඉදිරිපත් කර සභාපති ධුරය භාරදෙන බව වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පවසයි.
උදයජීව ඒකනායක
– aruna


No comments:
Post a Comment