රාජගිරිය රෝයල් පාක් මනුෂ්‍ය ඝාතන සිද්ධියේ ජීවිතාන්තය දක්වා සිරදඞුවම් ලබා සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී හට ජනාධිපති සමාව හිමිව ඇත.
මීට අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමා වෙත යොමුකර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කළේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔහු රදවා සිටින කුරුවිට බන්ධනාගාර නිලධාරින් වෙත දැනුම් දී ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
2005 වසරේ ජුනි මස 30 වැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව මෙම විත්තිකරු එම වසරේදීම අත්අඩංගුවට ගත්තේය.
කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වසරේ දී ජුඩ් ශ්‍රමන්ත ඇන්තනීට වසර 12ක සිරදඬුවමක් නියම කෙරුණි.
කෙසේවෙතත් පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනාධිකරණයෙන් පසුව එම වසරේදීම ඔහුට මරණ දඬුවම හිමි වු අතර ඊට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහිදි නැවත වරක් විත්තිකරුට මරණ දඬුවම ස්ථිර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද 2014 තීනිදුවක් ලබාදෙනු ලැබුවේය.
මේ අතර පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රෝයල් පාක් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ජුඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ හට ජනාධිපති සමාව ලබාදීම පිළිබද සලකා බලන බවයි.
කෙසේවෙතත් එම ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ ප්‍රබල දැඩි කතහබක් ද ඇති වුණි.
– adaderana
Sunday, November 10, 2019
රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment