ජනාධිපතිවරණයෙන් පසු හමුදාවේ 58 කට ඩයස්‌පෝරාවෙන් නඩු? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

ජනාධිපතිවරණයෙන් පසු හමුදාවේ 58 කට ඩයස්‌පෝරාවෙන් නඩු?

නාධිපතිවරණය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 58 දෙනකුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ නඩු ගොනු කිරීමට කොටි ඩයස්‌පෝරාව තීරණය කර ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවකදී කොටි ඩයස්‌පෝරාව විසින් පවත්වන ලද රහස්‌ සාකච්ඡාවකදී මේ බව තීන්දු කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු හමුදා නිලධාරීන් වන චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්‌ ඇතුළු වන්නි හමුදා මෙහෙයුමේ හමුදා නිලධාරීන්ට මෙම නඩු පැවරෙනු ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති මේ රහස්‌ සාකච්ඡාවට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව, ගෝලීය ද්‍රවිඩ සංසදය සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය යන කොටි හිතවාදී සංවිධාන සම්බන්ධ වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
දිවයින


No comments:

Post a Comment

Post Bottom Ad