15 හැවිරිදි දරුවෙක් පැදවූ මෝටර් රථය දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය බිළි ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 3, 2019

15 හැවිරිදි දරුවෙක් පැදවූ මෝටර් රථය දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය බිළි ගනී

15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක ගැටීමෙන් වීරකැටිය, තංගල්ල මාර්ගයේ දී  ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙකු බවයි වාර්තා වන්නේ.

ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරන අතර අනතුරින් බරපතල තුවාල ලැබු මව සහ දරුවන් දෙදෙනා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී දැරිය මියගොස් ඇති අතර මව සහ පිරිමි දරුවා යලි මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී පිරිමි දරුවාද මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථය පැදවූ බව කියන 15 හැවිරිදි දරුවා සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad