එලඹෙන ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත්කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් (30) සවස දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් යාපනයේදී රැස්වූ තීරණාත්මක රැස්වීම එකඟතාවයෙන් තොරව අවසන් වී ඇති බවට වාර්ථා වෙයි.
තැපල් ඡන්දයට පෙර දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපති අපේකෂකයා පිළිබඳව තීරණයක් ලබා දීමට අද සවස යාපනයේ පිහිටි පෞද්ගලික හොටලයකිදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් මෙසේ සාකච්ඡාවකට සහභාගී වී ඇත.
නමුත් සාකච්ඡාවට සහභාගී වූවන්ගේ පරස්පර යෝජනා හා තීරණ හේතුවෙන් එක් ජනාධිපති අපෙක්ෂකයෙකු වෙනුවෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම සාකච්ඡාව පසුවට කල් දමා ඇති අතර නැවත රැස්වෙන දිනයක්ද තීරණය කොට නොමැති බවට දෙමළ පක්ෂ වල සාමාජිකයින් පැවසූහ
පසුගියදා ජනාධිපති අපෙක්ෂකයින් සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 13 ට අත්සන් තැබූ දෙමළ ජනතා පෙරමුණෙ නායක හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහභාගී වී නොමැත.
මෙම සාකච්ඡාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරා , දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී.ටී.සිද්ධාර්තන්, ටොලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ඇතුලු තවත් සිවිල් සංවිධාන නායකයින් පිරිසක් සහභාගී විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Thursday, October 31, 2019
Home
දේශපාලන පුවත්
කොටසක් සජිත්ට.. පලුවක් ගෝටාට.. ජනාධිපතිවරණය ගැන TNA සාකච්චා ගාලගෝට්ටික් මැද අවසන් වේ..
කොටසක් සජිත්ට.. පලුවක් ගෝටාට.. ජනාධිපතිවරණය ගැන TNA සාකච්චා ගාලගෝට්ටික් මැද අවසන් වේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment