වෙන්නප්පුවේ පවත්වාගෙන ගිය වධකාගාරයක තරුණයින්ට අමානුෂික හිරිහැර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 30, 2019

වෙන්නප්පුවේ පවත්වාගෙන ගිය වධකාගාරයක තරුණයින්ට අමානුෂික හිරිහැර

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් විසින් කලක් තිස්සේ පවත්වාගෙන ගිය වධකාගාරයක තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත් වී තිබෙනවා. වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ මෙහෙයුමේදී හෙරෝයින් ග්රූම් 12 ක්ද සමඟ අත්අඩංගුවට පත් ශානුක මදුෂාන් හෙවත් ඕලු මරා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එම වධකාගාරයේ වීඩියෝ දර්ශන ඇතුළු තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.

එහිදී ඕලු මරා විසින් සිරිගම්පල නිවසක වදකාරයක් පවත්වාගෙන යමින් තරුණයන් අමානුෂික වද බන්ධනයට ලක් කරන අයුරුත්, පහරකෑමට ලක්වූවන් හෙම්බත් වී ඇඳ වැටී ඇති ආකාරයත් සම්බන්ධයෙන් දැක්වෙන වීඩියෝ දර්ශන ඔහුගේ ජංගම දුරකතනයේ තිබී හමුව තිබෙනවා.

වෙන්නප්පුව සිරිගම්පළ ප්‍රදේශයේ මත් කුඩු ජාවාරමේ නිරතවූ 24 හැවිරිදි ඕලු මරා මනුෂ්‍ය ඝාතනයකට ද වරදකරුව සිරගත වූ අයෙකු වන අතර දිගු කළක් තිස්සේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් අයෙකු ලෙසද හැඳින්වෙනවා.

කෙසේ වෙතත් ඕලු මරා නොහොත් ශානුක මදුෂාන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර මොහුගේ කල්ලියේ සෙසු පිරිස සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad