ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (29 වැනිදා) අනුමැතිය දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
කොළඹ ප්‍රදේශයේ රථ වාහන කළමනාකරණය, දිවයිනපුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කරයි.
මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතු බව මුදල් අමාත්‍යාංශයෙ සඳහන් කරයි. ඇමෙරිකානු ජනතාවගෙන් මෙම ප්‍රදානය ලබාගන්නා 37 වන රට වන්නේ ශ්‍රී ලංකාවයි. මීට අදාළ ගිවිසුම කඩිනමින් අත්සන් කර වසර 2020 සිට ක්‍රියාත්මක කිරීමටද පියවර ගන්නා බව, මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ප්‍රදානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශය ඊයේ (29 වැනිදා) ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙම ගිවිසුම අත්සන් කිරීමේදී ගැටලු ඇතිවන බවයි. මානව හිමිකම් ප්‍රශ්න ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එහෙත් ඊට විරුද්ධව අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එවැනි ගැටලුවක් ඇති නොවන බවයි. මුදල් අමාත්‍ය මංගල සමරවීරද මේ පිළිබඳව අදහස් පළකර ඇත.
– aruna
Wednesday, October 30, 2019
ජනපති-අගමැති කැබිනෙට්ටුවේදී දැඩිව ගැටේ !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment