අසන්ත ක්‍රියාත්මකයි, එක තරගයකින් ඔෂධ, භානුක කපයි - බිංදුවට ගිය මෙන්ඩිස්, දික්වැල්ල ඇතුලට.! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 31, 2019

අසන්ත ක්‍රියාත්මකයි, එක තරගයකින් ඔෂධ, භානුක කපයි - බිංදුවට ගිය මෙන්ඩිස්, දික්වැල්ල ඇතුලට.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස තරගය ස්වල්ප මොහොතකට පෙර ඇරඹුනා.

එහිදී නවකයන් ලෙස කණ්ඩායමට එක්වී සුපිරි දස්කම් දැක්වූ ඔෂධ ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ ඉවත් කිරීමට තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් හා නායක ලසිත් මාලිංග කටයුතු කර තිබෙනවා.
ඒ කණ්ඩායමම අසාර්ථක වූ පළමු තරගයෙන් අනතුරුවයි. එහිදී පෙර තරගයේ ලකුණු බිංදුවට දැවී ගිය කුසල් මෙන්ඩිස්ට නැවතත් අවස්තාව ලබා දී තිබේ.

පසුගිය සමයේ දිගින් දිගටම අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල, භානුක හා ඔෂද කපා දමමින් නැවතත් කණ්ඩායමට එක්කර ගෙන තිබෙනවා.

කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල සැලකෙන්නේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්ගේ සමීපතම ක්‍රීඩකයන් ලෙසටයි. නායක ලසිත් මාලිංගගේ කණ්ඩායම තේරීම හා නායකත්වයද පසුගිය තරගයේදී දැඩිව විචාරක විවේචනයට ලක්වුනා.

No comments:

Post a Comment

Post Bottom Ad