මාසයකට ආසන්න කාලයක් තිස්සේ රටපුරා ඇතිවී තිබෙන ගෑස් හිඟය මේ වන විට උග‍්‍ර තත්ත්වයට පත්ව තිබේ.
ආපන ශාලා මෙන්ම කර්මාන්තශාලා වල මේ හේතුවෙන් එදිනෙදා කටයුතු කර ගැනීම ඉතාමත්ම අසීරු තත්ත්වයට පත්ව ඇත.
ආහාර පිස ගැනීමේ අපහසුව හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයන් ද දැඩි පීඩාවට පත්ව සිටිති. නාගරික ප්‍රදේශයන්හි මෙය ඉතාමත් දරුණු ලෙස බලපා ඇත.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් බෙදුම්හල් ඉදිරියේ පාරිභෝගිකයන් පෝලිම් සැදී සිටිති. සමාගම් විසින් ඉතා සීමිත සංඛ්‍යාවක් ඉදහිට බෙදා හරින ඔවුන් මෙසේ පෝලිම් සැදී සිටින්නේ ඉන් එකක් කෙසේ හෝ ලබා ගැනීමටයි.
ගෑස් සමාගම පවසන්නේ ගෑස් නැවු එන තුරු මෙම ගෑස් හිගය පවතිනු ඇති බවයි.
Wednesday, October 30, 2019
ගෑස් හිගය දරුණුම වෙයි.. ගෑස් කඩ ඉදිරියේ දිගු පෝලිම්.. නැවු එනතුරු ගෑස් නෑ !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment