නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව පැවසේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (29)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂක සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේය.
සජිත්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඡන්ද ලක්‍ෂ 07ක්
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්‍ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් 15,000ක් සහභාගි වීමට සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් 9,000ක් තරග කළ බවත්, එම සියලු දෙනාට නොදන්වා පක්‍ෂ නායකත්වය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණයක් ගෙන තිබෙන බවත් මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් සියලු දෙනා කල කිරීමට පත්ව සිටින බවත්, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ශ්‍රීලනිප ඡන්ද ලක්‍ෂ 07ක් ලබාදීමට තම කණ්ඩායම කටයුතු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන්ම දියවී යනු ඇති බවත්,මේ බව තේරුම් නොගත් ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරු 14 දෙනෙකු පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඉදිරිපත් වී සිටින බවත් ඔහු පැවසීය.
Thursday, October 31, 2019
චන්ද්‍රිකා හා වෙල්ගමගේ නායකත්වයෙන් ශ්‍රීලනිපයේ ලක්ෂ 7ක් සජිත්ට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment