වෙල්ගම අහිමි වීම පාඩුවක් - දිළුම් අමුණුගම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 27, 2019

වෙල්ගම අහිමි වීම පාඩුවක් - දිළුම් අමුණුගම

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළහොත් පොදුජන පෙරමුණට සහාය දක්වන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අහිමිවීමට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි. ඒ අතර කුමාර වෙල්ගම මහතා ද සිටින බවයි ඔහු පවසන්නේ.

කුමාර වෙල්ගම මහතා දිගින් දිගටම ගෝඨා විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඔහු අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු විය නොහැකි බවයි.

යම් හෙයකින් කුමාර වෙල්ගම මහතා වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පක්ෂයට අහිමි වුවහොත් එය පක්ෂයට දැවැන්ත පාඩුවක් බවයි දිළුම් අමුණුගම මන්ත්‍රීවරයා පවසන්නේ. මේ නිසා ඔහු සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමුණුගම මහතා පවසයි.

වෙල්ගම මහතා පවසන්නේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් තමන් ඇතුළු විශාල පිරිසක් ශ්‍රීලනිපය සමග නැවත එක්වන බවයි. ඒ අනුව කිසිවෙකු නොසිතන ප්‍රමාණයේ පිරිසක් පොදුජන පෙරමුණෙන් ඉවත් වනු ඇති බවත්, ශ්‍රීලනිපය අහිමි කර ගනිමින් කිසිවෙකුටත් ආණ්ඩු පිහිටුවීමට හෝ ජනාධිපති වීමට හෝ නොහැකි වනු ඇති බව ද ඔහු පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad