විදුහල්පති සහ ගුරුවරයා සිසුවකුගේ කලිසම ඉරා පහරදීලා. සිසුවා රෝහලේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 28, 2019

විදුහල්පති සහ ගුරුවරයා සිසුවකුගේ කලිසම ඉරා පහරදීලා. සිසුවා රෝහලේ !

හොරණ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ පන්ති භාර ගුරුවරයකු විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් සිසුවකු ඉංගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිසුවා ඇඟට හිර කලිසමක් හැඳ සිටියේය යන චෝදනාව මත මෙසේ පහරදී ඇති අතර විදුහල්පතිවරයා සහ ගුරුවරයා විසින් සිසුවාගේ කලිසම ද ඉරා දමා ඇත.

තමන් ආහාර ගනිමින් සිටියදීම විදුහල්පතිවරයා පැමිණ පහරදීම සිදුකළ බවයි සිසුවා පවසන්නේ.

සිසුවාගේ මව හඬා වැළපෙමින් ප්‍රකාශ කළේ දරුවාට අලුත් කලිසමක් මිලදීගෙන දීමට මුදල් නොතිබුණු නිසා ඔහුට හිර කලිසමක් හැඳගෙන පාසල් යාමට සිදුවූ බවයි.

මෙසේ පහර කෑමට ලක්ව ඉංගිරිය රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින්නේ හොරණ ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මීට පෙර සිසුවකුට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට දෙවසරක සිර දඬුවමක් නියම වූ අතර ඒ මොහොතේ ගුරු සංගම් මඟට බැස අධිකරණ තීන්දුවට එරෙහිව උද්ඝෝෂණය කරනු දක්නට ලැබිණි.

විනය රැකීම යනු පහරදීම බවත් සිසුන්ට පහරදීම තමන්ගේ අයිතිවාසිකමක් බව සිතන ගුරුවරුන් සිටින තාක්කල් සහ ඊට උඩගෙඩි දෙන දේශපාලන පක්ෂ තිබෙන තාක්කල් ලංකාවේ දරු පරපුරට, විශේෂයෙන් දුප්පත් දරුවන්ට පාසල් තුළ ගුටි කෑමට සිදුවනු ඇත.

- lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad