විපක්‍ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මීළඟ පක්‍ෂ මහා සම්මේලනයේදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරනු ඇතැයි හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
මාතර ප‍්‍රදේශයේදී බැසිල් රාජපක්‍ෂ මහතා හමු වූ මාධ්‍යවේදීන් පිරිසක් විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මීළඟ පක්‍ෂ මහා සම්මේලනය ලබන අගෝස්තුවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට දැනට නියමිතව ඇත. මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් තිබෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කරනු ලබන ඕනෑම අයකුට කොන්දේසි විරහිතව සහාය දැක්වීමට මේ වන විට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සියලූම දෙනා එකඟතාවකට පැමිණ තිබෙන බවද හෙතෙම පැවසීය.
No comments:
Post a Comment