දයාසිරි සිටින තාක් ශී‍්‍රලනිප - පොහොට්ටු සාකච්ඡා අසාර්ථකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 22, 2019

දයාසිරි සිටින තාක් ශී‍්‍රලනිප - පොහොට්ටු සාකච්ඡා අසාර්ථකයි

දයාසිරි සිටින තාක් ශී‍්‍රලනිප - පොහොට්ටු සාකච්ඡා අසාර්ථකයි

පාර්ලිමේන්තූ මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ජාවල සිටින තාක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර කෙරෙන සාකච්ජාවල සාර්ථක ප‍්‍රතිඵලයක් බලාපොරොත්තූ විය නොහැකි බව පාර්ලිමේන්තූ මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
 
ඔහු කරන ප‍්‍රකාශ දෙස බලනවිට පෙනීයන්නේ යළි එ.ජා.ප.යට එක්වීමේ අවශ්‍යතාවක් ඇති බව යැයිද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා කරන ප‍්‍රකාශත් සමග දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ජාවලට කෙසේ බලපානු ඇතිදැයි මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකූ නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
 
එමෙන්ම ශ‍්‍රීල.නි.ප.ය නියෝජනය අනෙකූත් රටේ ජනමතය හඳුනන මන්ත‍්‍රීවරුන් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා දරන මතයට එකඟ නොවන බවද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad