නැවත අමාත්‍යධුරය භාර ගැනීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කෑගල්ල - අඹන්පොල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"පෙරේදා මහ නායක ස්වාමින් බැහැ දැක උන්වහන්සේලාගේ උපදෙස් ලබා ගත්තා. මගේ දිස්ත්‍රික්කයේ ජනතාව මගෙන් ඉල්ලීමක් කළා නැවත වැඩ භාර ගන්න කියලා. පක්ෂයයි, ආණ්ඩුවයි එම ඉල්ලීම අනුමත කරනවා නම් වැඩ භාර ගැනීම සිදු කිරීමට කටයුතු කරනවා. මගේ දිස්ත්‍රික්කයේ ජනතාව කරන ඉල්ලීමට හිස නමලා වැඩ භාර ගන්න බලාපොරොත්තු වෙනවා."
No comments:
Post a Comment