"මට වැරදුණේ නැහැ - මම හොඳට කල්පනා කරලයි කතා කලේ" - නිරෝෂන්ගෙන් නවීන් දිසානායකට පිළිතුරු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

"මට වැරදුණේ නැහැ - මම හොඳට කල්පනා කරලයි කතා කලේ" - නිරෝෂන්ගෙන් නවීන් දිසානායකට පිළිතුරු (VIDEO)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස් නොවුනහොත් විශ්වාසභංග යෝජනාවට තමන්ට  සහය පළ කිරීමට සිදුවන බව අද යළිත් වරක් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය නවීන් දිසානායක මහතා, ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පසුගිය 20 වනදාද මාධ්‍ය හමුවක් කැඳවමින් පළමුවරට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විශ්වාසභංගයට සහය පළ කරන බව  ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මාතර ඊයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සිදුකළ එම ප්‍රකාශය අත්වැරදීමක් බවය.

එහෙත් එය අත්වැරදීමක් නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad