දෙපිරිසක් අතර ගැටුමක් දුර දිග යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

දෙපිරිසක් අතර ගැටුමක් දුර දිග යයි

දෙපිරිසක් අතර ගැටුමක් දුර දිග යයි

යාපනයේ නල්ලූර් පාරේ පිහිටි ටෙලෝ කාර්යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගටුමක් දුරදිග ගොස් මරණීය තර්ජන එල්ල වී ඇති බවට 15 දා යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ.

යුද්ධයේදී මියගිය පිරිස සැමරීම සදහා  ලබන 18 වෙනිදා මුලතිව්  වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සංවිධානය කොට ඇති උත්සවයට ටෙලෝ සංවිධානය සහය දක්වන අන්දම සාකච්ඡා කිරීමට එම කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දෙපිරිසක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් පල කිරීම නිසා මේ ආරවුල ඇති වී තිබේ.

රාත්‍රියේම ටෙලෝ සාමාජිකයින් දෙපිරිසක් බවට බෙදී තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සෙසු පිරිසට කාර්යාලය තුලට ඇතුලුවීමට ඉඩ නොදීම නිසා යළිත් ගැටුම් කාරී තත්ත්වය උත්සන්න වී තිබේ.

මේ පිළිබදව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්  එහි ගොස් තත්ත්වය සමථයකට පත් කොට ඇතත් ඉන් අනතුරුවද එම ගැටුම දුර දිග ගොස් තිබේ.

යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

(දිනසේන රතුගමගේ)

 

No comments:

Post a Comment

Post Bottom Ad