මෙවැනි තත්ත්වයක් තුළ රට නැවතත් යුද්ධයකට යා හැකියි - ආනන්ද සාගර හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

මෙවැනි තත්ත්වයක් තුළ රට නැවතත් යුද්ධයකට යා හැකියි - ආනන්ද සාගර හිමි

මෙවැනි තත්ත්වයක් තුළ රට නැවතත් යුද්ධයකට යා හැකියි - ආනන්ද සාගර හිමි

පවතින තත්ත්වය හමුවේ රට විශාල අවදානමකට මුහුණ දිය හැකි බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මේ බව කියා සිටියේය.

මේ රට ඉතා බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇති බවත්, මේ හරහා ඉදිරියේ දී තවදුරටත් මහා විශාල අවධානමකට පත් විය හැති බව ද උන්වහන්සේ පැවසීය.

රටේ ආර්ථිකය කඩා වැටී, ළමුන් පාසල් නොයන තත්ත්වයක් උදා වී ඇති බවත් පැවසු උන්වහන්සේ රටම අක්‍රීය වී ඇති බව ද සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් තුළින් ඉතා බිහිසුණු ත්‍රස්ථවාදයක් හරහා මේ රට නැවත වතාවක් යුද්ධයකට යා හැකි බවත් ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad