පොලීසිය ‌‌‌හොයපු බෝම්බකරුට අයත් වෑන්රිය මිලදී ගැනීමට උපකාර පුද්ගලයා අත්තඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 16, 2019

පොලීසිය ‌‌‌හොයපු බෝම්බකරුට අයත් වෑන්රිය මිලදී ගැනීමට උපකාර පුද්ගලයා අත්තඩංගුවට

පාස්කු ඉරිදා ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලකළ බෝම්බ කරු පැමිණි, කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ බෝම්බකරුට අයත් වෑන්රිය මිලදී ගැනීමට සහ ආසන සකස්කිරීම් සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකළ පුද්ගලයා ඊ‌‌යේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරු සම්බන්ධව විමර්ශන සිදු කරමින් සිටිය දී එම තැනැත්තා දැක ඇති සාක්ෂිකරුවන් සිව් දෙනෙක් හමුවී තිබු අතර, ඒ සාක්ෂිකරුවන් පොදුවේ පවසන පරිදි මෙම සැකකරු වයස අවුරුදු 35-40ත් අතර වන කෙට්ටු සිරුරක් ඇති, උස අඩි 5 අඟල් 6ක් පමණ වු මුහුණ පුරා රැවුල ඇති තලෙළු පුද්ගලයෙක් බව අනාවරණයවී තිබූ අතර සාක්ෂිකරුවන් ලබාදුන් තොරතුරු අනුව සකස්කළ චිත්‍ර 4ක් ද මාධ්‍යට නිකුත්කර තිබිණි.

එම චිත්‍ර අනුව ලද තොරතුරක් මත නව කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ආදම් ලෙබ්බෙ නැමැත්තෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වෑන් රථයේ ලියාපදිංචි හිමිකරු වන්නේ කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මෙහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයකි.

මෙම වෑන් රථය කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා ගොස් තිබුණේ වෑන් රථය තුළ ද බෝම්බ සහිතවයි.

ඒ අදාළ වෑන් රථය වන්නේ WP-PJ 4080 දරණ වෑන් රථය පසුව අප්‍රේල් මස 22 දින පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සමඟ නවතා තිබුණු වෑන් රථය ආරක්ෂාකාරී ලෙස පුපුරුවා හැරීමට කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad