අමිත් බන්ධනාගාරයට ඩෑන් ඇප මත නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

අමිත් බන්ධනාගාරයට ඩෑන් ඇප මත නිදහස්

අසත්‍ය ප්‍රචාර අන්තර් ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහසොන් බලකායේ අමිත් ජීවන් වීරසිංහ ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලණි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පසුගිය 21 වන දා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව ජාතීන් සහ ආගම් අතර පවතින සංහිඳියාව බිඳී යන ආකාරයේ ප්‍රචාර අන්තර් ජාලය වෙත මුදා නොහරින ලෙසට දැනුම් දී තිබියදී, සැකකරු එම උපදෙස් නොතකා හැර ඇතැයි විමර්ශන සිදුකරන කොළඹ දකුණු කොට්ඨාස දුෂණ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ ය.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad