රටේ බහුතරයක් බෞද්ධයන් සිටි පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නෑ - මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

රටේ බහුතරයක් බෞද්ධයන් සිටි පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නෑ - මංගල

රටේ බහුතරයක් බෞද්ධයන් සිටි පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නෑ - මංගල

අද වන විට රටට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් නොව, එක්තරා දේශාපාලන කණ්ඩායමකින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (14) කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට අද වන විට ලෝකයේ සෑම රටක්ම මුහුණ පා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එසේ වුවත් රජයක් ලෙස අඩුපාඩු පැවති බවත්, අද වන විට ඒ සියල්ල මඟ හරවා ගනිමින් රටටම ආරක්ෂාව ලබා දීමට සුදානම් බව ද පැවසු අමාත්‍යවරයා, අවාසනාවන්ත ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරණ අය යළිත් කළු 
ජූලියක් ඇති කරන්නට මේ මොහොතේ කටයුතු කරන බව ද පැවසීය.

මේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයන් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නොවන බව තව වතාවක් පවසන බව ද පැවසු අමාත්‍යවරයා ක්‍රිස්තියානි ,මුස්ලිම්, හින්දු ජනතාව ලාංකිකයින් බවත් ඔවුන් සියලු දෙනා පළමු පන්තියේ එක හා සමානයි පුරවැසියන් බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad