කුලියාපිටිය පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

කුලියාපිටිය පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක්

කුලියාපිටිය පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවක්

කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතාට කළුතර පොලිස් විද්‍යාලය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

නුගේගොඩ පොලිස් අධිකාරී සිගේරා මහතා කුලියාපිටිය පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර ඇති බවත් පුරප්පාඩු වූ නුගේගොඩ කොට්ඨාශය වෙත ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් අධිකාරී

ඩබ්ලිව්. එම්. ඒ. ආර්. ප්‍රනාන්දු මහතා පත්කර ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

නෙසන්සුන්කාරී තත්වයක් නිසා කුලියාපිටිය ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පවා පනවන්නට පසුගිය දා පොලීසිය කටයුතු කර තිබුනා. 

No comments:

Post a Comment

Post Bottom Ad