වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කීපයක ප්‍රබලයන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 16, 2019

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කීපයක ප්‍රබලයන්

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කීපයක ප්‍රබලයන්

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුව ඇති බවත්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්‍ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවට බුද්ධි අංශ මගින් රජයට දැනුම්දී ඇති බවත් පුවත්පතට වාර්තාවේ.

වෙසක් උත්සවය මුළුමනින්ම කඩාකප්පල් කිරීම සඳහාවයඹපළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා කළ බවටද රාජ්‍ය බුද්ධි අංශ වාර්තා මගින් රජයට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සිදුව සති තුනක් පමණ ගතවී තිබියදී, පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නමැත්තාගේ බිරිඳකගේ ගම වන හෙට්ටිපොළ ප්‍රදේශයේ මෙම කඩාකප්පල්කාරී සිද්ධි ඇතිකර ඇත්තේ ඉතා හොඳින් සංවිධානය වී බවටද රාජ්‍ය බුද්ධි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයිවාර්තා වේ.

රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව ජනාධිපති කාර්යාලයට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදී ඇති අතර, ආණ්ඩුවේ අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad