බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා වර්ණ සංකේත අනිවාර්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 18, 2019

බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා වර්ණ සංකේත අනිවාර්යයි

ගණ ආහාර සහ අර්ධ ගණ ආහාරවල අඩංගු සීනි, තෙල් සහ ලුණු සඳහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. ඒ අනුව අප්‍රේල් මස 02 දින සිට ක්‍රියාත්මක වන පරිදි බිස්කට් සහ රසකැවිලිවල සීනි, ලුණු, මේදය සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක කරන අතර භාෂා ත්‍රිත්වයෙන්ද කරුණු ඉදිරිපත් කළ යුතුය.

බිස්කට් වර්ග සහ රසකැවිලිවල ඒවා අඩංගු ප්‍රමාද සටහන් විය යුතු බව
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මීට පෙර 2016 වසරේ පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළ විට ඒ සඳහා වැඩි ප්‍රචාරයක් නොතිබුණු නමුත් මෙවර වර්ණ සංක්ත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රචාරක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවත් බෝ නොවන රෝගවලින් ජනතාව බේරා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

ගන ආහාර සහ අර්ධ ගන ආහාරවල සීනි, තෙල්, ලුණූ සදහා වූ වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මෙහිදී වැඩිදුරටත් විස්තර කළේය. ඒ අනුව සෑම ග්‍රෑම් 100කටම සීනි ග්‍රෑම් 22කට වැඩි නම් රතු ලේබලයද, ග්‍රෑම් 8 සිට 22 දක්වා කහ ලේබලය ද, ග්‍රෑම් 08ට අඩු නම් කොළ ලේබලයද බිස්කට් සහ රසකැවිලිවල ප්‍රදර්ශනය කළ යුතු වේ. ලුණු භාවිතය සදහා වූ රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් 100කම ලුණු ග්‍රෑම් 1.25 කට වඩා අඩංගු නම් රතු ලේබලය ද, ග්‍රෑම් 1.25 සිට 2.5 දක්වා අඩංගු නම් කහ ලේබලයද, ග්‍රෑම් 2.5කට අඩු නම් කොළ පැහැති ලේබලයද ප්‍රදර්ශනය කළ යුතුය.

මේදය සදහා වූ රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් සියයකම මේදය ග්‍රෑම් 17.5කට වඩා වැඩි නම් රතු ලේබලයද, ග්‍රෑම් 3 සිට 17.5 දක්වා අඩංගු නම් කහ ලේබලයද , ග්‍රෑම් 03කට වඩා අඩු නම් කොළ ලේබලයද ප්‍රදර්ශනය කළයුතුය. සීනි, මේදය සහ ලුණු අඩංගු ප්‍රතිගතද බිස්කට් සහ රසකැවිලිවල ප්‍රදර්ශනය කළ යුතු බවත් කිරි, එළවළු, පලතුරු, සහල්, කුඩා වර්ගයේ පැකට්ටු තුළ ඇති ආහාර, තේ, කෝපි, වතුර බෝතල්, වෛද්‍යවරුන් විසින් නියම කරන ආහාර, විශාල ප්‍රමාණයේ ආහාර අසුරණ, ළදරු කිරි ආහාර සඳහා මෙම රෙගුලාසි ක්‍රියාත්මක නොවන බවත් මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර කරමින් ගම්ලත් මහතා පැවසීය.

-නිර්මාණි බණ්ඩාරණායක-

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *