මත් ජාවාරමක් නම් 1984 අමතන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 22, 2019

මත් ජාවාරමක් නම් 1984 අමතන්න

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් යුක්තව ක්‍රියාත්මක කරන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබා දීමට ගත්
තීන්දුව කුමන හේතුවක් නිසාවත් වෙනස් නොකරන බවත් ඊයේ (21) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවලයි මහා විද්‍යාලයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ
පිළිබඳ පැමිණිලි ලබා දීම සඳහා ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් හඳුන්වාදීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය. ඒ අනුව 1984 යන අංකයට අමතා ඕනෑම අයෙකුට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ දැනුම් දිය හැකිය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පිලිපීන රජය සහාය පළ කිරීමට එකග වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදේශනය සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණවලට එරෙහිව ඇතැම් මානව හිමිකම් සංවිධාන හඬ නැගුවද මෙම ව්‍යසනය හේතුවෙන් රටට, ජාතියට  සහ දරුවන්ගේ අනාගතයට සිදු වන විනාශය පිළිබඳ  ඔවුන් අවධානය යොමු නොකරන බවත්, රටට වන විනාශය පිළිබඳ එම සියලු දෙනා වග කිවයුතු බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්ව පිළිබඳවද තොරතුරු ඉදිරියේදී රටට හෙළි කරන බවයි.

-දිනුක මලින්ද හේරත්-

No comments:

Post a Comment

Post Bottom Ad