සපුගස්කන්දේ වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 12, 2018

සපුගස්කන්දේ වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට

අද (12) රාත්‍රි 8.00ට පමණ සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන
පුද්ගලයන් දෙදෙනෙකු
විසින් මාර්ගය අසල සිටි පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් ඇත. තුවාලකරු බරපතල තත්ත්වයේ කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මියගිය අය වයස අවුරුදු 35ක්වූ මාකොළ උතුර, මාකොළ ලිපිනයේ පදිංචි එච්.ඒ. ධනුෂ්ක සංජීව නැමැති වයාපාරිකයෙකු ලෙස හඳුනාගෙන ඇත.
කවර හේතුවක් නිසා මෙම වෙඩි තැබීම සිදුකරාද යන්න ගැන විමර්ශන සිදුවේ.
 සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad