ජනපතිගේ අද සාකච්ඡාවල ප්‍රතිඵල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 30, 2018

ජනපතිගේ අද සාකච්ඡාවල ප්‍රතිඵල

https://www.gossiplankanews.com/2018/11/maithri-discussion.html#more

9.30 Update
තවත් විශ්වාස භංගයක් ගෙනෙන්නැයි ජනපති ටීඑන්ඒ ට කියලා

පවතින අර්බුදකාරී තත්වය විසඳීමට උවමනාවක් දක්වමින් ඊයේ කතානායක සමග සාකච්ඡාවක් කිරීමෙන් පසු
අද සන්ධ්‍යා කාලයේ

ජනපති මෛත්‍රිපාල සිරිසේන ටීඑන්ඒ පක්ෂයේ නියෝජිතයින් සමගත් එජා පෙරමුණේ නියෝජිතයින් සමගත් වෙන වෙනම සාකච්ඡා පවත්වන්නට යෙදුණ අතර රාත්‍රී 9 පමණ වන විට ටීඑන් ඒ සමග සාකච්ඡාව අවසන් විය.
එහිදී ජනපතිවරයා විපක්ෂ නායක සම්බන්ධන් සුමන්තිරන් ඇතුලු මන්ත්‍රීවරුන් හා පවසා ඇත්තේ  එලැඹෙන 5 වනදා පාර්ලිමේන්තුවට තවත් විශ්වාසභංගයක් ගෙන එන ලෙසයි. එයට තමන් එකගතාවය පළ කරන්නට සූදානම් බවයි.
 (7 වනදා යනු නඩු තීන්දුවේ දවසයි)

ඔවුන් පවසා ඇත්තේ මේ වනවිටත් විශ්වාස භංග කිහිපයක්ම ගෙනවිත් සම්මත කර ඇති නිසා එබදු අවශ්‍යතාවයක් නැති බවයි.
මේ අතර ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කිරීමේ ප්‍රශ්නය විසදාලන බවද ඔවුනට ජනපති පොරොන්දුවී ඇති අතර 3 වනදා ඒ ගැන කතාකරන්නට හමුවන ලෙසද බලාපොරොත්තු ඇති කර ඇත.
එජා පෙරමුණ සමග සාකච්ඡාව තවම අවසන් කර නැත.




No comments:

Post a Comment

Post Bottom Ad