අයිසීසී චෝදනා කරන්නෙ මං සහය දුන්නෑ කියල විතරයි - සනත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 17, 2018

අයිසීසී චෝදනා කරන්නෙ මං සහය දුන්නෑ කියල විතරයි - සනත්


අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයෙන් තමන්වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට තමා සූදානම් බවත් තමන්ගේ නීතිඥ කණ්ඩායම මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින
බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයාද වන සනත් ජයසූරිය මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
අන්තර් ජාතික ක්‍රිකට් සභාව‍ෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ අඩංගු කරුණු ගැන

දේශීය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට්
ලෝලීන් අතරේ විවිධාකාරයේ අනුමාන කිරීම් පැතිරෙමින් තිබේ.එහෙත් අවාසනාවකට මෙන් මේ අවස්ථාවේදී
මට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි අතර එම චෝදනා සම්බන්ධයෙන් මගේ ප්‍රතිචාරය දින 14ක් ඇතුළතදී ඉදිරිපත් කළ යුතු තිබේ. මේ
සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස මාගේ නීතිඥ කණ්ඩයම මට දැඩිසේ උපදෙස් දී තිබේ. මක් නිසාද යත් එමගින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීති උල්ලංඝනය විය හැකි බැවිනි. මාගේ නීතිඥ කණ්ඩායම මේ විනවිටත් අදාළ පිළිතුරු සකස් කරමින් සිටින අතර අන්තර්ජාතික ක්‍රිකට් සභා මාගේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්විමට මම බලාපොරොත්තුවෙන් සිටිමි.
කෙසේ වෙතත් මට ලැබී තිබෙන උපදෙස් අනුව මෙවැන්නක් කීමට කැමැත්තෙමි. මට එල්ලවී ඇති චෝදනා අතර තරග පාවාදීම, තණතීරු වෙනස් කිරීම හෝ එවැනි වෙනත් චෝදනා නැත. එල්ලවී තිබෙන චෝදනා වන්නේ ඔවුනගේ පරීක්ෂණ සම්බන්ධයෙන් මා සහයෝගය නොදැක්වීම යහ සහාය නොදිමයි..
ක්‍රිඩාව සම්බන්ධයෙන් මෙම සියලු අවස්ථාවන්හිදී අවංක භාවයෙන් යුතුව මෙන්ම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කර ඇත්තෙමි. මම ඉදිරියටත් එලෙසින්ම කටයුතු කරමි.

No comments:

Post a Comment

Post Bottom Ad