ජයග්‍රාහී පාරමී හෑල්ලුවට ලක් කළ සුසන්තිකා ජයසිංහ ගැන විවේචන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 21, 2018

ජයග්‍රාහී පාරමී හෑල්ලුවට ලක් කළ සුසන්තිකා ජයසිංහ ගැන විවේචන

https://www.gossiplankanews.com/2018/10/susanthika-speech-on-parami.html#more
සුගියදා නිමාව දුටු යොවුන් ඔලිම්පික් තරගාවලියේදී මළල ක්‍රීඩා ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනා ලංකාවට කීර්තිය අත්කරදුන් හලාවත පාරමී වසන්ති මාරිස්ටෙලා එම ජය ලබාගත් පසු ඒගැන විශාල ප්‍රසිද්ධියක් ලද අතර ඇගේ අග හිඟකම් සම්බන්ධයෙන් පවුලේ අය තුළින්ද මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ඇති විය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස
තවම පාසල් සිසුවියක වූ ඇය වෙනුවෙන් රජය මැදිහත්වී ලක්ෂ 15 ක බැංකු ගිණුමක්ද ඇයට මාස්පතා 75000 ක මුදලක්ද ලබාදෙන්නට පියවර ගෙන තිබේ. මේ අතර ඇයට නිවාස 2 ක් ලැබෙනු ඇති බවත් මාධ්‍ය ප්‍රචාර ලැබිණි.
කරුණු එසේ සිදුවෙද්දී ඇය ඇතුළු

පිරිස භාරව කටයුතු කරමින් තරගාවලියට ඔවුන් රැගෙන ආජන්ටිනාවට ගොස් පැමිණි ප්‍රවීණ ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මෙම ජයග්‍රහණය හෑල්ලුවට ලක්කරමින් කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍ය අමතා තිබේ. තමාව සහ පාරමීව සසඳමින් පාරමීට දැනටමත් ලැබෙමින් තිබෙන වරප්‍රසාද හෑල්ලුවයට ලක්කරන සුසන්තිගේ කතාව ඊර්ෂ්‍යාව හා කුහකත්වය මුසු එකක් ලෙස සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව තිබෙයි. ක්‍රීඩිකාවගේ නම නොකියා ඇය පාරමී ගැන කතා කර තිබේ.
  "මේ ජූනියර් තරගයක් දිනලා මෙයාට හැත්තපන්දාහක් ලැබුණට . මට හැත්තෑ පන්දාහක් ලැබුණේ ඔලිම්පික් ගියාම" යන්න ඇය ගෙන එන තර්කයයි. එසේම 'අපේ කාලේ දර්ශලා කුලවංශලා එක්ක මං තැනකට එන්න විඳපු දුක අමාරුව බැලුවම මෙයාලට ඕනවට වඩා දැනටමත් පහසුකම් තියනවා. තව දෙන්න අවශ්‍ය වෙන්නෑ' ඇගේ දෙවන තර්කයයි.
ඇය සිදු කළ ප්‍රකාශය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad