අයිඑස් යයි සැකපිට ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ඇමති ෆයිසර්ගේ ඥාති පුතා නිදොස් කොට නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 20, 2018

අයිඑස් යයි සැකපිට ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ඇමති ෆයිසර්ගේ ඥාති පුතා නිදොස් කොට නිදහස්

ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂන අධ්‍යයන කටයුතු කරමින් සිටි මොහමඩ් නිසාම්දීන් නමැති 25
හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු පසුගිය අගෝස්තු 30 වනදා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූයේ  ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බවට තොරතුරු ලැබීමෙනි.
ඕස්ට්‍රේලියාවේ Malcolm Turnbull හා Julie Bishop නමැති හිටපු අගමැති සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඝාතනය කිරීමටත්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට හා සරසවි ආශ්‍රිත බෝම්බ පිපිරිම් ඇති කිරීමටත් ඔහු සැලසුම් කළ බවට චෝදනා තිබූ අතර අදාළ සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව අත්අඩංගුවට පත් ඔහු ගැන වැඩිදුර එරට මාධ්‍ය වාර්තා පළ වූයේ ඔහු ලංකාවේ දේශපාලන හා ප්‍රභූ සබඳතා සහිත පවුලකින් පැවත එන අයෙකු බවද දක්වමිනි.

ඔහුගේ මාමා ශ්‍රි ලංකාවේ පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා  බවද ඔහුගේ සීයා හිටපු ලංකා බැංකු සභාපති නැසීගිය ජෙහාන් කමීර් කාසිම් බවද ඕස්ට්‍රෙලියානු මාධ්‍ය අනාවරණය කර තිබුණි.
ඔහු අත්අඩංගුවට ගන්නට මුල්වූ

සටහන්වල අත්අකුරු සම්බන්ධ සැකයක් පැවතීම නිසා එහුට පසුගිය මාසයේ ඇප ලැබී තිබුන අතර
මොහමඩ් නිසාම්දීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මුස්තාපා කීර් කියා සිටියේ මේ සටහන් ඔහුගේ නොවන බවයි.
මේ සම්බන්ධ නඩු විභාගය ඊයේ (19) යළි විභාගයට ගත් අවස්ථාවේ  සටහන් පොතේ ඇති අත්අකුරු මොහොමඩ් නිසාම්ඩීන්ගේ අත්අකුරු සමඟ කිසිඳු ගැලපීමක් නැතැයි අත්අකුරු විශේෂඥ පරීක්ෂණ මගින්ද තහවුරු කරන ලදි. ඒ හේතුවෙන් මොහොමඩ් කමර් නිසාම්ඩීන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ නෝට් බුක් පරිගණකයේ මෙම සැලසුම සහිත ලිපි ලේඛන රැසක් තැන්පත්ව තිබී ඇති අතර ඒවා විශ්ලේෂණයේදී බෝම්බ පිපිරවීම් සිදු කරන්නට සැලසුම් තිබී ඇති බව පොලිසිය හෙලි කරන ලදි.
කෙසේ වෙතත් ඒ සටහන් මොහමඩ් නිසාම්දීන්ගේ නොවේ නම් කාගේදැයි සොයා බලන ලෙස අධිකරණය පොලිසියට දන්වා ඇත.

මේ අතර නිසාම්දීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මුස්තාපා කීර් ප්‍රකාශ කර ඇත්තේ අනවශ්‍ය වරදකට පටලැවීමට උත්සාහ දැරීම මත අධිකරණයට එරෙහිව ක්‍රියාත්මක වන බවත් නීතීඥ ගාස්තු රජයෙන් අයකරගන්නට අපේක්ෂා කරන බවත්ය.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සරසවියේ ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචිවී අධ්‍යයන කටයුතු කරන අතර ඔහු ව්‍යාපාරික තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපෘතියක් 2016 වසරේ සිට වෘත්තිය වශයෙන් කරගෙන ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad