ඊයේ මහජන පීඩාව ගැන නාමල් සොරි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 6, 2018

ඊයේ මහජන පීඩාව ගැන නාමල් සොරි කියයි



ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය නිසා කිසියම් ආකාරයකින් මහජනතාවට බාධාවූවා නම් ඒ ගැන සමාව අයදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.ඒ මහතා මේ බව කියනුයේ ඔහුගේ නිල ට්විටර් ගිනුමේ පණිවිඩයක් සටහන් කරමිනි.



‘මේ රටේ කොපමණ ජනතාවකට වෙනසක් අවශ්‍යද කියා ඇත්තටම ආණ්ඩුවට පෙන්වන්න වෙන විකල්පයක් තිබුණේ නෑ.  ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ගේ නායකයන් තේරා ගැනීමට ඇති අයිතිය තහවුරු කරන තුරු අපේ සටන කරගෙන යනවා.‘

රජයේ බියගැන්වීම් තිබියදීත් විරෝධය දැක්වීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගී වීමට කාලය වෙන් කළ සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ ආණ්ඩුව ගෙදර යැවීමේ උත්සාහයේ පළමු පියවර තිබ්බේ ඔබයි. යහපත් රටක් උදෙසා දිගටම අරගල කරමු.‘‘


No comments:

Post a Comment

Post Bottom Ad