ජනබලයට කොළඹ එමින් සිටි බස් රියකට හාලිඇලදී ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

ජනබලයට කොළඹ එමින් සිටි බස් රියකට හාලිඇලදී ප්‍රහාරයක්

කොළඹ පැවත්වෙන ජනබලය රැළියට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකට හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ දී

අංක තහඩු රහිත කැබ්

රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (5) උදැසන පොලූ මුගුරුවලින් පහරදී ඇතැයි පොලීසිය පවසයි.
 පස් දෙනකුගෙන් යුත් මැර පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබෙන බවත් පහරදීමෙන් පසු එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් දස දෙනෙකු පමණ රැළියට යමින් තිබූ වෙනත් බස්රථයකට නංවා කොළඹ යවා ඇති බවත් වාර්තා විය.
හාලිඇල ආසනයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක විසින් මෙම බස් රථය කොළඹට යාම සඳහා මුදල් ගෙවා වෙන්කර ගෙන තිබූ බවද වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad