ජනබලය අතරතුර මැරුණ පුද්ගලයා මියගියේ බස් එක ඇතුලෙදිලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 6, 2018

ජනබලය අතරතුර මැරුණ පුද්ගලයා මියගියේ බස් එක ඇතුලෙදිලු


ඊයේ (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බලය විරෝධතාවට සහභාගි වු 39 හැවිරිදි ජගත් විමසුරිය නැමති තිදරු පියෙකු මියගොස් තිබුණි.
හැටන් කුඩාගම ප්‍රදේශයේ

පදිංචිව සිටි ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වූ අතර
හැටන් ප්‍රදේශයෙන් ජන  බලයට  සහභාගි විම සදහා ගිය ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමග කොළඹට ගොස් මාලිගාවත්ත ප්‍රදේශයේ බස් රථය නතර කිරිමෙන් පසු මිතුරන් සමග ලෙක් හවුස් වටරවුම දක්වා පාගමනින් ගොස් තිබේ. එසේ යන අතරතුර  තමන්ට අසනිප බවත්, එම නිසා යලිත් තමන්  බස් රථයට  යන බව පවසා ඔහු බසයට ගිය නමුත් ඔහුනැවත විරෝධතාව අතරතුර ඔවුනට මුණගැසී නත. පස්වරු 6.15 පමන යලිත් බස් රථයට පැමිණ පරික්ෂා කිරිමේදි මිතුරා බස් රථයේ අසුනක් මත වැටි සිටි බවත් පසුව රෝහල් ගත කිරීමේදී හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බව අනාවරණය වූ බවත් පැවසේ.
මියගිය අයගේ බිරිද ගෘහ සේවය සදහා විදේශගත වි ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ  වයස අවුරුදු පහක ගැහැණු ළමයෙකුද සිටි.ෙ
මිය ගිය අයගේ මෘත දේහය  කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (06) සිදු කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad