ශ්‍රී ලංකාව තරග ඉසව් රාශියක් නියෝජනය කළත් එකදු ලෝකඩ පදක්කමක්වත් ලබාගන්නට බැරිව
හිස් අතින් ගෙදර එන්නට සිදුව තිබේ.
1951 වසරේ සිට මේ දක්වා ආසියානු ක්‍රීඩා උළෙල 15 කට ශ්‍රී ලංකාව සහභාගීවී තිබෙන අතර අවස්ථා ගණනාවකදී පදක්කම් දිනා ඇත. මේ දක්වා වරින් වර රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් එකතුව පදක්කම් 41 ක් මනි පෙර තරගාවලී වලදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති නමුත් මෙවර තරගාවලියේදී කිසිදු පදක්කමක් ජයගැනීමට හැකිවී නැත.
ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයෙන් කොරියාවට පරාජය වීම නිසා මෙවර ලෝකඩ පදක්කමක් ලබාගන්නට තිබූ අවස්ථාවද අහිමිව ගොස් තිබුණි.
පහත පළවන්නේ අවසන් පදක්කම් සටහනයි
No comments:
Post a Comment